දැව හෙලීමේ බලපත්‍ර (කොස් ගස්/ රට දෙල් ගස් / ගැහැණු තල්)
- ග්‍රාම නිලධාරී විසින් මුල් පිටපත හා සසදා බලා සහතික කරන ලද ඉඩම් ඔප්පුවේ පිටපතක්
- ඉඩමේ නිරවුල් අයිතිය ඉල්ලුම්කරුට නොමැති අවස්ථාවක ග්‍රාම නිලධාරී විසින් සහතික කරන ලද ඉඩම් හිමිකරුගේ කැමැත්ත ප්‍රකාශිත ලිපිය
- ඉඩමට උරුමක්කරුවන් කිහිපදෙනෙකු සිටින විට ඉල්ලුම්කරු වෙත හෙළීමේ බලපත්‍රයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොමැති බවට ලබා ගත් දිවුරුම් ප්‍රකාශයක්
- නව ඉදිකිරීමක් සදහා ගස් හෙළීමට අපේක්ෂා කරයි නම් අදාල ඉදිකිරීමේ සැලැස්මක්
- අනතුරුදායක බව නිසා හෙළීම සිදු කරන්නේ නම් ප්‍රාදේශීය සභා / නගර සභා වෙන් ගස හෙළීමට දැනුම් දුන් ලිපි
- ඉඩම සම්බන්ධ අධිකරණ තීන්දු අදාල වන්නේ නම් ඒවා හා ගස හෙළීම සම්බන්ධව උසාවි නියෝග
- විදුලි රුහැන් මාර්ග අවහිරතා හෝ විරෝධතා අවස්ථාවලදී ඊට අදාල දැනුම් දීමේ ලිපි
- වැට මායිමක ගස පිහිටා ඇත්නම් ඉඩමේ ආසන්න (මායිම්) අයිතිකරු ඉල්ලුම්කරු අදාල ගස කැපීමට විරුද්ධත්වයක් නොමැති බවට ග්‍රා/නි ඉදිරියේ කරනු ලබන ප්‍රකාශිත ලිපියක්
දැව / දැව භාණ්ඩ ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම
- සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය
- දැව කඳන්, ඉරූ දැව හෝ දැව භාණ්ඩ පිළිබද ග්‍රාම නිලධාරී වාර්තාව
- කොස් / රට දෙල් / ගැහැණු තල් ගසක් නම් කැපීම සදහා නිකුත් කල බලපත්‍රය
- ග්‍රාම නිලධාරී විසින් සහතික කළ දැව කුට්ටි කිරීමේ ලේඛණය
- අඩවි වන නිර්දේශය
- දුම්රියෙන් ප්‍රවාහනය කරන ලද දැව/දැව භාණ්ඩ නැවත ප්‍රවාහනයට බලපත්‍ර නිකුත් කිරීමේ දී ප්‍රවාහන බලපත්‍රයේ මුල් පිටපත සහ දුම්රිය දෙපාර්තමේන්තුවෙන් නිකුත් කල නිල කුවිතාන්සිය (අඩවි වන වාර්තා, ග්‍රාම නිලධාරී වාර්තා හෝ අවශ්‍ය නොවන අතර බලපත්‍ර ගාස්තු අය නොකරයි)
- දැව කඳන්, ඉරූ දැව හෝ දැව භාණ්ඩ මිලට ගැනීමේ කුවිතාන්සිය
දැව හෙළීම /ප්‍රවාහන බලපත්‍රවල කාලය දිර්ඝ කිරීම
- පොලිස් පැමිණිල්ලේ මුල්පිටපත
- බලපත්‍රයේ මුල් පිටපත
- ප්‍රවාහනය නොකරන ලද අවස්ථාවකදී ග්‍රා/නි වාර්තාව
නව උකස් මධ්‍යස්ථාන ආරම්භ කිරීමට බලපත්‍ර නිකුත් කිරීම
- ග්‍රාම නිලධාරී වාර්තාව
- පොලිස් අධිකාරී වාර්තාව
- සමාගම් සංස්ථාගත කිරීමේ සහතිකයේ මුල් පිටපත සහ තවත් පිටපතක්
- නිති විරොධී හා අනීතික ක්‍රියාවක් නොකළ බවට දිවුරුම් ප්‍රකාශය
- ගිනි හා සොර බිය ආවරණය වන පරිදි ලබා ගත් රක්ෂණ සහතිකයේ මුල් පිටපත සහ තවත් පිටපතක්
- හවුල් ව්‍යාපාරයක් නම් හවුල් ගිවිසුම
- බදු ඔප්පුවේ පිටපතක්
උකස් මධ්‍යස්ථාන බලපත්‍රය අළුත් කිරීම
- පසුගිය වර්ෂයේ නිකුත් කරන ලද බලපත්‍රය හා ජායා පිටපතක්
- වර්ෂය සදහා වලංගු රක්ෂණ සහතිකය සහ ජායා පිටපතක්
- වර්ෂයේ ගිණුම් වාර්තාව හා එහි පිටපතක්
- දිවුරුම් ප්‍රකාශයක්
වාහන ආදායම් බලපත්‍ර
- ලියාපදිංචි සහතිකය හෝ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයෙන් නිකුත් කරණ ලද C.M.T. හෝ 76 M.T.A.11 පෝරමය
- රක්ෂණ සහතිකය
- අවසන් වරට ලබාගත් සහතිකය
- දුම් පරීක්ෂණ වාර්ථාව
සුරාසැල් නව බලපත්‍ර නිකුත් කිරීම
සුරාබදු කොමසාරිස් විසින් නිකුත් කරන ලද අනුමත ලිපිය (සුරා සැල් ගැසට් නිවේදනය අනුව ගාස්තු).
සුරාසැල් බලපත්‍ර අළුත්කිරීම
- සුරාබදු කොමසාරිස් විසින් නිකුත් කරන ලද අනුමත ලිපිය්
- සහකාර සුරාබදු කොමසාරිස් ජනරාල් විසින් නිකුත් කරන ලද නිශ්කාශණ සහතිකය
- දේශීය ආදායම් කොමසාරිස් සහ පළාත් ආදායම් කොමසාරිස් විසින් බදු ගෙවූ බවට නිකුත් කරන නිශ්කාශන සහතික හා එහි ජායා පිටපත
- පසුගිය වර්ෂයේ බලපත්‍රය
(සුරාබදු ගැසට් නිවේදනයට අනුව ගාස්තු වෙනස් වේ).
රා තැබෑරුම් රේන්ද බලපත්‍ර නිකුත් කිරීම
- සම්පූර්ණ කරන ලද ටෙන්ඩර් අයදුම්පත
- වටිනාකම් සහතිකයේ මුල් පිටපත
- ටෙන්ඩර් ආකෘති පත්‍රය ලබා ගැනීමේ දී මුදල් ගෙවූ කුවිතාන්සියේ මුල් පිටපත
සතුන් ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම
- අයදුම්පත්‍රය - උපලේඛණ 02
- ග්‍රාම නිලධාරීගේ නිර්දේශය
- පශු වෛද්‍ය සහතිකය
- සතුන් ප්‍රවාහනයට යොදා ගන්නා වාහනය පිලිබද නිර්දේශ වාර්තාව
- එක් සතෙකුට රු.50.00 බැගින් වයඹ පළාත් සභාවට මුදල් ගෙවන ලද කුවිතාන්සිය
ගිනි අවි බලපත්‍ර ලබා දීම සදහා නිර්දේශ ලබා දීම
අයදුම්කරු විසින් සම්පූර්ණ කළ , ග්‍රාම නිලධාරීගේ විසින් සහ අදාල පොළිස් ස්ථානාධිපති විසින් නිර්දේශ කරන ලද අයදුම්පත














