හැඳින්වීම
බමුණාකොටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාරියපොල ඡන්ද බල ප්‍රදේශය තුල පිහිටා ඇත.වාරියපොල ,වීරඹුගෙදර ,මාස්පොත සහ පඬුවස්නුවර නැගෙනහිර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මෙහි මායිම් වශයෙන් පිහිටා ඇති අතර බමුණාකොටුව ප්‍රදේශය දියුණු පරිසර සෞන්දර්යකින් පිරිපුන් රමණීය කඳු වලල්ලකින්ද වටවී ඇත. පුරාවෘත්ත සහ සබැඳි ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක ස්ථාන කිහිපයක්ද බමුණාකොටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල දැකගත හැකිය.මෙහි සම්පූර්ණ භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 100.3 පමණ වන අතර ජනගහණය 39429 පමණ වේ.
ප්‍රදේශයේ ප්‍රධානතම ජීවනෝපාය මාර්ගය කෘෂිකර්මාන්තය වන අතර යල සහ මහ කන්නවල දී ගොවීහු සාරවත් අස්වැන්නක් ලබා ගනිති. ප්‍රදේශයේ කුඹුරු සඳහා අවශ්‍ය ජලය වැවි 98 ක් මාර්ගයෙන් සපයනු ලැබේ. වී වගාව අතිරේක වශයෙන් පොල් , එළවළු, පළතුරු පැල සහ ගමිමිරිස් වගාව ද සැළකිය යුතු ප්‍රමාණයකින් ව්‍යාප්තව පවතී. සත්ත්ව පාලනය සහ ගව පාලනය ද වර්තමානයේදී වර්ධනය වෙමින් පවතින අතර ගෙවතු වගාවද ප්‍රෙද්ශය තුල ප්‍රචලිත ව පවතී.
ප්‍රදේශයේ දරුවන්ගේ අධ්‍යාපනය ඔප් නැංවීමට පදනම් කරගනිමින් ප්‍රධාන පාසල් 18 ක් සහ පිරිවෙනක් ප්‍රදේශය තුළ ස්ථාපිතව ඇත. රාජ්‍ය නිලධාරීන්,පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයින් සහ කම්කරුවන් හැරුණු විට අන්‍ය පුද්ගලයින් විරැකියාවෙන් පෙලෙති.කොහු, කුඹල්, කොප්පරා, ගඩොල්, ඇඟළුම්, සහ රසකැවිලි නිෂ්පාදනය ප්‍රදේශයේ ආර්ථිකයේ ප්‍රධානත්වයක් උසුලන අතර සංවාරක කර්මාන්තයට ද සමාන ස්ථානයක් හිමි වේ.
ප්‍රධානතම ආගම බෞද්ධ ආගම වන අතර ප්‍රදේශය තුළ බෞද්ධ විහාරස්ථාන 52 ක් පිහිටා ඇත. ඒ අතුරින් ප්‍රධානතම ඓතිහාසික හා පුරාවිද්‍යා වටිනාකම නාථගනේ ආරණ්‍යය සතු වේ. බෞද්ධ විහාරස්ථාන වලට අතිරේක වශයෙන් කතෝලික පල්ලියක් හා මුස්ලිම් පල්ලි 02 ක්ද ප්‍රදේශයේ වේ. බමුණාකොටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය නාට්‍ය ,නර්තනය සහ අත්කම් යන ක්ෂේත්රයන් හි ප්‍රධානත්වයක් උසුලන බැවින් ප්‍රදේශයේ කලාකරුවන් ඔප් නංවීම සඳහා කලායතන 3 ක් සහ සංස්කෘතික මධ්‍යස්ථානයක් ද පිහිටා ඇත.
ප්‍රදේශවාසීන් මුහුණ දෙනු ලබන ප්‍රධානතම දුෂ්කරතා ලෙස ජල අර්බුදය , නොදියුණු යටිතල පහසුකම් (අභ්‍යන්තර මාර්ග පද්ධතිය අබලන් වීම) , දිළිඳුභාවය සහ විරැකියාව පෙන්වා දිය හැකිය.ගම නැගුම, මග නැගුම හා විවිධ අමාත්‍යාංශ මඟින් දියත් කරනු ලබන ව්‍යාපෘති බමුණාකොටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවත්නා ආර්ථික සහ සමාජීය ගැටළු විසඳීමට උපකාරී වේ.

දැක්ම
රාජ්‍ය ආයතන ව්‍යුහයේ ප්රශස්ථම සේවා සපයන්නා බවට පත් වීම.
මෙහෙවර
රාජ්‍ය හා ජාතික ප්‍රතිපත්ති වලට අනුකූලව ප්‍රාදේශීය ජනතාවගේ පොදු අවශ්‍යතා කඩිනමින් ඉටු කරමින් මානව සහ භෞතික සම්පත් ඵලදායිව යොදාගෙන මහජන සහභගීත්වය තුළින් තිරසාර සංවර්ධනයක් ළඟාකර ජන ජීවිතය නංවාලීම.

2007 වසරේ සිට සේවය කල ප්‍රාදේශිය ලේකම්වරුන්
| නම | සිට | දක්වා |
| බී.එම් ආරියරත්න බාලසූරිය මහතා | 2007 | 2014 |
| ඒ.එම්.පී අරම්පත් මහතා | 2014 | 2017 |
| බී.ඒ.ආර්.බස්නායක මිය | 2017 | 2025 |